Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Business»ඩුබායි ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනයට Aviyana හෝටල් සමූහයෙන් අනුග්‍රහය
Business

ඩුබායි ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනයට Aviyana හෝටල් සමූහයෙන් අනුග්‍රහය

kumudikaBy kumudikaOctober 13, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ක්‍රවුන් ප්ලාසාහිදී 2024 නොවැම්බර් 2 සහ 3 යන දිනවල මෙම ප්‍රර්ශනය පැවැත්වේ. ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 යනු ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ ගල්ෆ් ගැනුම්කරුවන් අතර ව්‍යාපාරික සබඳතා ගොඩනඟන අවස්ථාවක් වන අතර එහිදී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට ගෝලීය වේදිකාවක් සැකසේ. මෙම ප්‍රදර්ශනයට මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු, පොල් නිෂ්පාදන, තේ, රෙදිපිළි සහ තවත් බොහෝ කර්මාන්තකරුවෝ රැසක් සහභාගී වෙති.

“ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම අනෙකුත් ව්‍යාපාර ක්ෂේත්‍රවලට ද සහාය දීම අපගේ වගකීමක්. ශ්‍රී ලංකාව සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාර ක්ෂේත්‍රයේ නැඟී එන කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අපට දැඩි උනන්දුවක් තිබෙනවා.

එම උනන්දුව මල්ඵල ගැන්වීමක් ලෙස ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත් වීම හඳුන්වන්න පුළුවන්.”

Aviyana හෝටලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය සංචාරකයන්ට සුඛෝපභෝගීත්වයේ උපරිමය පිරිනමමින් නිදහස් හා නිස්කලංක සංචාරක අත්දැකීමක් සපයයි. ඔවුන් සතු සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහ ජාත්‍යන්තර මට්ටමේ අසමසම සේවා හා පහසුකම් තුළින් Aviyana හෝටලය මෙරට සංචාරක කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමෙන් ලංකාවට රිදී පදක්කමක්
Next Article කොදෙව්, ශ්‍රී ලංකා 20යි විස්ස ක්‍රිකට් තරඟය අද සිට
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.