2024 සැප්තැම්බර් මාසයේ අයි.සී.සී ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ. මෙය ඔහුට මාසයේ අයි.සී.සී ක්‍රීඩකයා සම්මානය හිමි වූ දෙවන අවස්ථාවයි.

ඒ අනුව, 2024 වසරේදී  ICC යේ මාසයේ ක්‍රීඩකයා සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා ඔහු වේ. කමිඳු මෙන්ඩිස් 2024 වසරේ මාර්තු මාසයේදී ද මෙම සම්මානය දිනාගත්තේ ය.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙවර සම්මානය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය සහ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සමග පැවති තියුණු තරගයකින් අනතුරුව කමිඳු මෙම සම්මානය දිනාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

සැප්තැම්බර් මාසයේදී කමිඳු ටෙස්ට් තරග 4කට ක්‍රීඩාකර ඇති අතර එහිදී ඔහු ලකුණු 451ක් රැස්කර තිබුණි. එහි සාමාන්‍ය සටහන් වන්නේ 90.20ක් ලෙසට ය.

Share.

Comments are closed.

Exit mobile version