වාර්ෂිකව ඉහළ අය-වැය හිඟයක් පවතින විට එය පියවා ගැනීමට අලුතෙන් මුදල් මුද්‍රණය කිරීමට නොහැකි නිසා අනිවාර්යයෙන්ම රජයට දේශීය වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.
අලුතෙන් පත් වූ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලන කාලය තුළ දේශීය හා විදේශීය වෙළෙඳ පොළෙන් විශාල වශයෙන් ණය මුදල් ලබා ගෙන ඇතැයි ඇතැමෙකු කරන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
විවිධ රජයන් වාර්ෂිකව ඉහළ අය-වැය හිඟයකට මුහුණ දුන් ඉතිහාසය සිහිපත් කළ ලේකම්වරයා එම ණය බරින් නිදහස් වීමට නම් අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය කොට සාර්ථකව එම ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන්නේය. එලෙස රජයට දැරිය හැකි ආදායම් වියදම් මූල්‍යමය තත්ත්වයක් ඇති කරලීමේ දී හැකි තරම් ජනතාවට බරක් නොවන ආකාරයට බදු ආදායම් එක් රැස් කර ගැනීම කළ යුතු බව ද ඔහු කීය. රජයේ දේශීය ණය තොගය පිළිබඳ ඇතැම් දෙනා යම් යම් පෞද්ගලික න්‍යාය පත්‍ර, නිර්ධය විවේචනයන් සිදු කළද රජයක් ලෙස එය කළමනාකරණය කිරීමට යාමේදී විශාල පරිශ්‍රමයක් යැයිද ලේකම්වරයා කීය.
දැරීමට සිදු වන බව තම අදහස විවේචකයින් කුමක් කීවද එය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න ද සලකා බැලිය යුතුය.
වසර 2020 සහ 2022 වසර අතර, ඉහළ වාර්ෂික අය-වැය හිඟයන් මඟින් පැහැදිලි වන පරිදි රජයේ ණය විශාල වශයෙන් වැඩි වී ඇත. මෙම ණය විශාල වශයෙන් සෘජුවම මහ බැංකුව විසින් අය-වැය හිඟය මූල්‍යකරණය (සරලවම මුදල් මුද්‍රණය ලෙස හඳුන්වනු ලබන) හරහා සිදු කරන ලදී. කෙසේ වෙතත් මෙය 2022 වසරේ දී උද්ධමනය 70% ක් පමණ දක්වා වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ පැහැදිලි වූ පරිදි ඉතා උද්ධමනකාරී භාවිතයකි.
වසර 2023 සිට රජය විසින් මහ බැංකුව අය වැය හිඟය මූල්‍ය- කරණය සඳහා ණය ලබාදීමෙන් ඉවත් කර ඇති අතර, අවශ්‍ය දේශීය ණය ගැනීමේ සම්පූර්ණයෙන්ම දේශීය වෙළඳ පොළෙන් සිදු කෙරේ. ණය ගැනීමේ ඉහළ යන විට පොලී අනුපාත ද ඉහළ යන බැවින් මෙය පිරිවැයක් ලෙස පැමිණ ඇත. 2023 වසරේ දී මෙම පොලී අනුපාත වැඩි වීම රජය විසින් දරනු ලැබූ ඉහළ පොලී පිරිවැයට දායක විය. ඇත්ත වශයෙන්ම, 2023 වසරේ දී, පොලී පිරිවැය රජයේ ආදායමෙන් 80% ක් පමණ වූ අතර, ද, දේ. නි. යෙන් 0.6% ක ප්‍රාථමික අතිරික්තයක් තිබියදීත්, අය-වැය හිඟය ද, දේ. නි. යෙන් 8.3% ක් ලෙස පැවතුණේ එබැවිනි.
කෙසේ වෙතත්, මේ වන විට, රජයේ ඵලදායී රාජ්‍ය මූල්‍ය හාමූල්ය කළමනා කරණයට ප්‍රතිචාර වශයෙන් පොලී අනුපාත නැවත තනි ඉලක්කම් මට්ටමට (භාණ්ඩාගාර බිල්පත් මත ප්රතිලාභ) අඩු වී ඇත. ආර්ථිකය වර්ධනය වන අතර සැබෑ පොලී අනුපාත අඩු මට්ටමක පවතින විට ණය බර තවදුරටත් ලිහිල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රජය සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින අතර එමඟින් ණය සේවා බර තවදුරටත් ලිහිල් වනු ඇත. එබැ- වින් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගය යටතේ ණය ආපසු ගෙවීම නවතා තිබූ කාලය තුළ නොගෙවූ ණය සහ පොලී ඉදිරි කාලයන් තුළ ක්‍රමානුකූලව බෙදා හරිනු ලබන අතර එමඟින් රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය මත බර ලිහිල් වේ.
හිඟ දේශීය ණය විශාල ප්‍රමාණයක් රාජ්‍ය බැංකු වැනි දේශීය ආයතන සහ සේවක අර්ථසාධක අරමුදල වැනි විශ්‍රාමික අරමුදල් විසින් දරන බැවින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සීමාවන් තවදුරටත් පවතී. 2023 වසරේ දී ක්‍රියාත්මක කරන ලද දේශීය ණය ප්‍රශ- ස්ත කරණ මෙහෙයුම විශාල වශයෙන් රාජ්‍ය මූල්‍ය මත බර ලිහිල් කිරීමට උපකාරී විය. දේශීය ආයතන විසින් දරනු ලබන ණය තවදුරටත් ප්‍රතිව්‍යුහගත කිරීම සැලකිය යුතු ආර්ථික රථික හා සාමාජීය පිරිවැයක් ඇති කළ හැකිය.
රාජ්‍ය ආදායම, වියදම්, අය-වැය හිඟය, මූල්යකර- ණය සහණය යන කරුණු සැලකිල්ලට ගත යුතු බහු විධ සාධක සහිත සංකීර්ණ හා සූක්ෂම ක්‍රියාවලියක් බව පැහැදිලි විය යුතුය. සංකීර්ණ මාතෘකා පැහැදිලි කිරීම සඳහා තනි අංකයක සරල, දෝෂ සහිත විශ්ලේෂණයක් භාවිත කිරීම ප්‍රයෝජනවත් නොවේ. මෙවැනි සරල විග්රහයන් මහජනයා නොමඟ යැවීමට අතීතයේ දී භාවිත කර ඇති අතර, මෙය සැබැවින්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් ගැඹුරු ආර්ථික අර්බුදයට එක් හේතුවකි. නැවත එම වැරදි සිදු කිරීමෙන් වැළකී සිටීම සහ අපගේ විනිශ්චය වෘත්තීය විශ්ලේෂණය සහ සාක්ෂි මඟින් මෙහෙයවනු ලබන බව සහතික කිරීම වැදගත් වන බව ද ලේකම්වරයා කීය.