Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Air Line»ශ්‍රී ලංකන් ගොඩ දාන්න රජය සැරසෙයි
Air Line

ශ්‍රී ලංකන් ගොඩ දාන්න රජය සැරසෙයි

kumudikaBy kumudikaOctober 16, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකන් ගුවන්සේවය විකිණීම සඳහා තිබු සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතාව උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවිය වාර්තා කරයි.

එහි සඳහන් වන්නේ එම ආයතනය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් කරන බව ගනේගොඩ මහතා පැවසූ බවය.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබුණි.  

එම සැලසුම යටතේ ගුවන්සේවයේ කොටස් 51% රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීමට නියමිත විය.
ඒ සඳහා පාර්ශ්ව 6ක් සිය කැමැත්ත දන්වා තිබූ නමුත් එම ක්‍රමවේදයේ ඊළඟ පියවර සඳහා ඉන් කිසිවෙකුත් සුදුසුකම් නොලැබීය.

මේ අතර 2022 අප්‍රේල් සිට 2023 මාර්තු දක්වා වූ කාලය සඳහා මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් විණි.
එහි එකතුවී ඇති ණය ඩොලර් බිලියන 1.2ක් ලෙස දැක් වේ.

ගනේගොඩ මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා වැදගත්ම සාධකයක් බවයි. 
මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 50%ක් පමණ එන්නේ ශ්‍රීලංකන් ගුවන්සේවය භාවිත කිරීමෙනි.

2024 වසර සඳහා සංචාරකයින් මිලියන 2.3ක් ඉලක්ක කරන ශ්‍රී ලංකාව 2030 වනවිට එම ප්‍රමාණය මිලියන 3 දක්වා ඉහළ දමා ගැනීමට සැලසුම් කරයි.

Colombo Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගාලු මුහුද ගොඩ ගලයි
Next Article සවි එසවීමේ ලෝක ශූරතාවලියෙන් ලංකාවේ රුවන් පෝල් රන් පදක්කම් දිනයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.