2025 ඩුබායි මැරතන් ඉසව්ව සඳහා, සියලුම කුසලතා මට්ටම්වල ධාවකයන් සඳහා ලියාපදිංචිය තවමත් විවෘතව පවතී.

2025 ජනවාරි 12 දිනට සැලසුම් කර ඇති මෙම මැරතන් තරගය එහි සුපුරුදු 4km, 10km සහ 42.195km ධාවන කාණ්ඩ වලින් සමන්විත වේ. ධාවකයින්ට Dubaimarathon.org හි නිල වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැකිය.

වයස අවුරුදු 18ට වැඩි ක්‍රීඩකයින් සඳහා 42. 195 km ක ධාවන තරඟය සඳහා ඇමරිකානු ඩොලර් 150 ක් අය කෙරේ. මෙම ඉසව්ව උදෑසන 7.00 ට ඇරඹේ. වයස අවුරුදු 15 ට වැඩි කාණ්ඩයේ ක්‍රීඩකයින් සඳහා 10 km ක ධාවන තරඟය උදෑසන 8.15 ට ආරම්භ වේ. ඒ සඳහා ලියාපදිංචියට ඩොලර් 85 ක් අය කෙරේ. ඕනෑම අයෙකුට විවෘත විනෝද ධාවන තරඟය (Fun Run) එදින උදෑසන 10.30 ට ආරම්භ වේ. ඒ සඳහා ඩොලර් 50 ක් ලියාපදිංචිය සඳහා අය කෙරේ. ඩුබායි ක්‍රීඩා කවුන්සිලය සංවිධානය කරන ඩුබායි මැරතන් තරගය මැද පෙරදිග වේගවත්ම මැරතන් තරගය ලෙස පිළිගැනෙන අතර ලොව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා ආකර්ෂණය කරයි.

2025 මැරතන් තරගය ජුමෙයිරා බීච් පාර, අල් සුෆූ සහ උම් සුකෙයිම් පාර ඇතුළු ඩුබායි හි දර්ශනීය වෙරළබඩ මාර්ග ඔස්සේ ධාවකයන් රැගෙන යනු ඇත.

Share.

Comments are closed.

Exit mobile version