ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායම ලකුණු 46කට සියළුම ක්‍රීඩකයින් දැවී ගියහ.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර වර්ෂාව නිසා ඊයේ(16) දිනයේ ක්‍රීඩා නොකළ අතර එම නිසා අද දින තරගයේ දෙවන දිනය වන අද ඉන්දීය පළමු ඉනිම ආරම්භ කරන ලදි.

ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් 05දෙනෙක් ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හරවා යැවීමට නවසීලන්ත පන්දු බලඇණිය සමත් වූහ.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Matt Henry කඩුලු 05ක් සහ William O’Rourke කඩුළු 04ක් ලබා ගත්හ.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ R.pant ලබා ගත්තේ ලකුණු 20ක් පමණි.

මෙය ඉන්දීය කණ්ඩායම ලබා ගත් අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වන අතර ආසියාවේදී ටෙස්ට් කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version