Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»General Election SL - 2024»මැතිවරණයට වියදම් කල හැකි මුදල් සීමාව මැතිවරණ කොමිසම කියයි
General Election SL - 2024

මැතිවරණයට වියදම් කල හැකි මුදල් සීමාව මැතිවරණ කොමිසම කියයි

kumudikaBy kumudikaOctober 18, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ප්‍රචාරක කටයුතු සඳහා එක් අපේක්ෂකයකුට සහ පක්ෂයකට වියදම් කළ හැකි මුදල මැතිවරණ කොමිසම මඟින් නිකුත් කර තිබේ.

ඒ අනුව මහමැතිවරණයට අදාළව ප්‍රචාරක කටයුතු සඳහා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම වියදම් සීමාව 57,50,000ක් පමණි. එක් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වැය කළ හැකි උපරිම මුදල රුපියල් 79,493,756කි. ජාතික ලැයිස්තු අපේක්ෂකයකු සඳහා වියදම් කළ හැකි වන්නේ රුපියල් 34,698කි.

අඩුම වියදම දැරිය හැකි මැතිවරණ කොට්ඨාසය වන්නි මැතිවරණ කොට්ඨාසය වන අතර එහි එක් අපේක්ෂකයකුට දැරිය හැකි මුළු මුදල රුපියල් 1,673,243කි. පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට දැරිය හැකි උපරිම පිරිවැය 9,963,964කි. ජාතික ලැයිස්තු අපේක්ෂකයකුට වියදම් කළ හැකි වන්නේ රුපියල් 4327ක් පමණි. ඊට අදාළ ගැසට් නිවේදනය අද (18) නිකුත් කිරීමට නියමත අතර 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනතේ 3 වැනි වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැය කළ හැකි වියදම් සීමාව මැතිවරණ කොමිසම මඟින් තීරණය කර ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා  පැවසුවේ ඊට අදාළ ගැසට් නිවේදනයට පෙරේදා (16) අත්සන් තබා සවසම මුද්‍රණයට යැවූ බවය.

එම ගැසට් නිවේදනයේ වියදම් සීමාවට අනුව එක් අපේක්ෂකයකුට එක් ඡන්ද දායකයකු වෙනුවෙන් උපරිමය රුපියල් 114ක් වියදම් කළ හැකි අතර එය කොළඹ දිස්ත්‍රික්කයට අදාළවය. අවමය රුපියල් 82ක් වන අතර එය වන්නි දිස්ත්‍රික්කයට අදාළවය.

දිස්ත්‍රික්ක ලෙස ගත් විට එක් අපේක්ෂකයකු වෙනුවෙන් කොළඹ රුපියල් 114ක්, ගම්පහ රුපියල් 110ක්, කළුතර රුපියල් 108ක්, මහනුවර රුපියල් 108ක්, මාතලේ රුපියල් 107ක්, නුවරඑළිය රුපියල් 110ක්, ගාල්ල රුපියල් 109ක්, මාතර රුපියල් 109ක්, හම්බන්තොට රුපියල් 111ක්, යාපනය රුපියල් 100ක්, වන්නි රුපියල් 82ක්, මඩකලපුව රුපියල් 110ක්, දිගාමඬුල්ල රුපියල් 113ක්, ත්‍රිකුණාමලය රුපියල් 115ක්, කුරුණෑගල රුපියල් 107ක්, පුත්තලම රුපියල් 109ක්, අනුරාධපුර රුපියල් 110ක්, පොලොන්නරුව රුපියල් 109ක්, බදුල්ල රුපියල් 109ක්, මොනරාගල රුපියල් 110ක්, රත්නපුරය රුපියල් 110ක් සහ කෑගල්ල රුපියල් 108ක් ලෙස එහි සඳහන් කර තිබේ.

ඒ අනුව එක් එක් මැතිවරණ කොට්ඨසවල අපේක්ෂකයන්ට, පක්ෂයකට/ ස්වාධීන කණ්ඩායමකට වැය කළ හැකි මුළු මුදල, ජාතික ලැයිස්තු අපේක්ෂකයකුට වැය කළ හැකි මුදල මෙසේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනතර වූ මීරිගම මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනමින් නැවත අරඹයි
Next Article හමාස් නායකයා ඊශ්‍රායල් ප්‍රහාරයකින් මරුට
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.