හමාස් සංවිධානයේ නායක යාහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය තහවුරු කර ඇත.
ඊශ්‍රායලයේ විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඒ බව තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හමාස් සංවිධානයේ නායකයාව ඊශ්‍රායල සොල්දාදුවන් විසින් ඝාතනය කරන ලද බව ඔහු පවසා ඇත. ඉකුත් වසරේ ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන්නේ ද යාහියා සින්වාර් වේ.

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වී ගිය ගොඩනැගිලි සුන්බුන් අතර ඇති සින්වාර් ගේ බවට සැක කෙරෙන මළසිරුරක ඡායාරූප ද ඇතැම් විදෙස් ජනමාධ්‍ය පළකර ඇත.
ඒ අසල අවි රැගත් ඊශ්‍රායලය සොල්දාදුවන් සිටින අයුරු ද නිරූපණය වේ.

කෙසේ නමුත් ඔහු මරා දැමුණේ සැලසුම් සහගත විශේෂ බළකා මෙහෙයුමකින් නොව දකුණු ගාසා තීරයේ රෆාහිදී ඊශ්‍රායල හමුදා සමඟ අහඹු ගැටුමකදී බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යහියා ඝාතනය කිරීම ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේ මෙතෙක් ඊශ්‍රායලය ලැබූ විශාලතම ජයග්‍රහණය ලෙසද සැලකේ.

Share.

Comments are closed.

Exit mobile version