කොළඹ සියළු සාන්තුවරයන්ගේ විදුහලේ  ආදි ශිෂ්‍යාවන් විසින් පලමු වරට සංවිධානය කරන නෙට්බෝල් ශූරතාවලිය ඩුබායිහි Al Salam Community School, Al Twar හිදී පැවැත් වේ. පාසලේ 120 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය වන මෙම ඉසව්ව ඔක්තෝබර් 20 වන දා පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පවත්වන බව සඳහන්ය.

මෙම ඉසව්ව සඳහා නෙට්බෝල් කණ්ඩායම් හයක් තරඟ වදින අතර මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඩුබායි කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතා සහභාගී වේ. තරඟාවලිය සඳහා ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහයෙන් ඩුබායි ලංකා නිව්ස් එක් වෙයි.

Share.

Comments are closed.

Exit mobile version