TAASL UAE සමූහය සංචාරක ක්ෂේත්‍රයට අනුබද්ධිත එමීර් රාජ්‍යයේ හි ක්‍රියාත්මක ශ්‍රී ලාංකික සංචාරක නියෝජිතායතන සියල්ල අනුබද්ධ කරගත් නියෝජිත සංගමයකි.

මෙම සමූහය නිර්මාණය කිරීමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ සැබෑ සංචාරක නියෝජිතයින්ට සහ සංචාරක ක්‍රියාකරුවන්ට ඔවුන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීම සඳහා මග පෙන්වීම,සහාය ලබා දීම සහා ඔවුන්ට උසස් සංචාරක සේවා මහජනතාවට ලබා දීමට හැකිවීමට දිරිගැන්වීමයි.   එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකේය ප්‍රජාව සමඟ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ හොඳම භාවිතයන්ට අනුකූලව සංචාරක සහ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් නිර්දේශ මෙම සංගමය හරහා සංචාරක ආයතන නියෝජනය කරන සියළුම බලධාරීන්ට යෝජනා කිරීමට බලාපොරොත්තු වේ.

තවද,  TAASL UAE විසින් නියම කර ඇති රෙගුලාසි වලට දැඩි ලෙස අනුකූලව, කර්මාන්තයට සහ වඩාත් වැදගත් ලෙස ගනුදෙනුකරුවන්ට සෘජුවම බලපාන වංචාවන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා නීති විරෝධී භාවිතයන් සඳහා සංචාරක වෙළඳපොලේ සක්‍රීය නිරීක්ෂණ පැවැත්වීම මෙම සංගමයේ ප්‍රධානතම අරමුණය. මෙම ක්‍රියාවලිය හරහා මෙහි සාමාජිකයින් සහ කර්මාන්ත හවුල්කරුවන් අතර ගුවන් ගමන් ව්‍යාපාරයේ  සාධාරණ තරඟයක් ප්‍රවර්ධනය කිරීමද සිදු වේ.

මීට අමතරව, අනාගතයේදී TAASL UAE සියලුම ශ්‍රී ලංකන් සංචාරක නියෝජිත ආයතන පරීක්‍ෂා කිරීම් හෝ අනාගතයේදී වෙනත් ඕනෑම නීතිමය කරුණු සම්පාදනය සහ බලපැවැත්වීම සහ ඒවාට මඟ පෙන්වීම සඳහා නිල ආයතනය ලෙස ක්‍රියාත්මක වනු ඇත.

කණ්ඩායමක් ලෙස සාමුහිකව මෙම උපකාරක මෙහෙයුම් ආරම්භ කරන්නේ කෙසේද යන වගත් එකිනෙකාට උපකාර කිරීම අරමුණු කරගනිමින් පිළිගත් සංගමයක් ලෙස ශ්‍රී ලාංකේය ප්‍රජාව අතර ශක්තිමත් බැඳීමක් ඇති කිරීමට ක්‍රියා කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවය.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සදහා TAASL UAE සමග සම්බන්ධ වී ලබා ගත හැ

Share.

Comments are closed.

Exit mobile version