ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟතාවද පළ කර තිබේ. ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක Marc-Andre Franche මහතා මේ බව ප්‍රකාශ කළේ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අගමැති කාර්යාලයේදී පසුගියදා (22) හමු වූ අවස්ථාවේදීය.
කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්තෙන් සිටින බවද Marc-Andre Franche මහතා පැවසීය.
අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අංශයේ අධ්යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස්, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ පැට්රික් මැක් කාර්ති, නෙත්මිණි මැදවල යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.