කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රකාශයට පත් කර තිබූ හදිසි තත්ත්වය අත්හිටුවීම තීරණය කළ බව එහි පාලනාධිකාරිය පවසයි.
මෙම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, ඉන්දියාවට අයත් විස්තාරා ගුවන් යානය තුළ වාර්තා වූ බෝම්බ බිය හේතුවෙනි.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) පස්වරුවේ පැමිණි විස්තාරා ගුවන් යානය තුළ බෝම්බයක් ඇති බවට ලැබුණ තොරතුරු හේතුවෙන් හදිසි ගොඩබෑමක් සිදු කර තිබේ.
යූ.කේ 131 දරන ගුවන් යානය පස්වරු 02.56ට මෙරටට පැමිණි බව සඳහන්ය.
එම යානය තුළ මගීන් 108 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ අට දෙනෙකු සිටි බව වාර්තා වේ.
අනතුරුව ආරක්ෂක නිලධාරින් විසින් අදාළ ගුවන් යානය පරීක්ෂා කර තිබේ.
එහිදී අනාවරණ වී ඇත්තේ, අදාළ විස්තාරා යානය තුළ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබූ බවය.
මේ අතර පසුගිය 19 වැනිදා ද මෙරටට පැමිණි අදාළ සමාගමට අයත් ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් නියමිත වේලාවට පෙර හදිසි ගොඩබෑමක් සිදු කරනු ලැබීය.