පාස්කු ප්‍රහාරය සහ ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබදව සලකා බැලීමේ දී මෙරට බුද්ධි සේවය දරුණු කඩාවැටීමකට ලක්ව ඇති බව අනාවරණය වූවේ යැයි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.
විශේෂයෙන්ම වවුනතිව් පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් කරන ලද්දක් බව බුද්ධි අංශ විසින් පළමුව දැනුම් දී තිබුණු බවත් පසුව එය පිල්ලෙයාන්ගේ කණ්ඩායම විසින් කරන ලද්දක් බව වාර්තා කළ බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි.
පසුව, බුද්ධි අංශ විසින් ඉදිරිපත් කරන ලද තවත් වාර්තාවක දැක් වුනේ, වවුනතිව්හී දී ඝාතනයට ලක් වූ පොලිස් නිළධාරීන් දෙදෙනාගෙන් එක් නිළධාරියෙක් සමග අනියම් සම්බ්ධතාවයක් පැවැත් වූ කාන්තාවකගේ සැමියා විසින් එම ඝාතනය සිදු කළ බවයි.
තවුහිද් ජමාන් සංවිධානයේ ක්‍රියාකාරකම් සොයා ගැනීමට බුද්ධි අංශවලට මාස හතරක කාලයක් ගත වී තිබුණි. ඊට හේතුව ජාතික බුද්ධ සේවාවන් සදහා තොරතුරු ලබා ගැනීමට විධිමත් ජාලයක් නොතිබීම බව හමුදා බුද්ධි අංශ අධ්යක්ෂ දැනුම් දී ඇති බවද හිටපු ජනාධිපතිවරයා පවසයි.
ඉන්දීය බුද්ධි සේවාවන්ට අදාල ප්‍රදේශයේ ශක්තිමත් තොරතුරු ජාලයක් පැවතිය ද, එම ප්‍රදේශයේම දේශීය බුද්ධි අංශ දරුණු කඩාවැටීමකට ලක්ව තිබුණු බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර, අපේ බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංධානය කිරීමට අවශ්‍ය යෝජනා ලබා ගැනීමට තමන් සූදානමින් සිටි බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.