මඩකලපුව අධිකරණ පරිශ්රයට බෝම්බ ප්රහාරයක් එල්ල කරන්නේ යැයි ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් එම ප්රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදා තිබේ.
ශ්රී ලංකා පොලිසිය සඳහන් කරන්නේ අධිකරණ රෙජිස්ටර්වරයාට මෙම දුරකථන ඇමතුම ලැබීමෙන් පසු පොලිසියට දන්වා ඇති බවය.
අනතුරුව එම පරිශ්රයට දැඩි ආරක්ෂාවක් යොදා ඇති අතර පොලිස් මුර සංචාර ප්රමාණය ඉහල නංවා තිබේ.
විශේෂ කාර්ය බලකායද අමතර ආරක්ෂාව සඳහා යොදවා ඇත.