Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»General Election SL - 2024»මහ මැතිවරණ දිනය වෙනස් වෙයි ?
General Election SL - 2024

මහ මැතිවරණ දිනය වෙනස් වෙයි ?

kumudikaBy kumudikaOctober 26, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින වෙන් කළ ආකාරයේ විශාල ගැටලුවක් පවතින බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

එම පනත ප්‍රකාරව නාමයෝජනා කැඳවීම සිදුකෙරුණේ ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දක්වා කාලයේදීය.

නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයකදී ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව පනතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයි එම විශාරදයෝ පෙන්වා දෙති.

ඒ අනුව නාම යෝජනා බාරගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වැනිදා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වන දා අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බව ඔවුන් සඳහන් කරයි.

නමුත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

එමගින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවද එම විශාරදයෝ වැඩිදුරටත් සඳහන් කරති.
මේ කාරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවද අවධානය යොමු කර ඇතැයි දැනගන්නට ඇත.

මේ තත්ත්වය යටතේ නීති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ විට ඉදිරියේදී වෙනස් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව නව දිනය සඳහන් කරමින් අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවනු ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරියදුරු බලපත්‍රය ලබා ගැනීමේ අවම වයස අවුරුදු 17 දක්වා අඩු කරයි
Next Article ස්විට්සර්ලන්තය, නෝර්වේ වගේ ලංකාවේ ආරක්ෂාව නැතුව යන්න බෑ – අගමැතිනියට ආරක්ෂක අංශයෙන් උපදෙසක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.