Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර වලින් ඉරාන සෙබළුන් සිව් දෙනෙක් මරුට
World news

ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර වලින් ඉරාන සෙබළුන් සිව් දෙනෙක් මරුට

kumudikaBy kumudikaOctober 28, 2024Updated:October 28, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉරානය හා ඉරානයේ සහය ලැබෙන හෙස්බුල්ලා ඇතුළු කණ්ඩායම් වෙතින් දිගින් දිගටම එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව ඊශ්‍රායලය ප්‍රසිද්ධියේ පිළිගත් පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.

ඊශ්‍රායලය ප්‍රතිචාර දැක්වූයේ පසුගිය පළමු වෙනිදා ඉරාන හමුදාව ටෙල් අවීව් නුවරට එල්ල කළ මිසයිල ප්‍රහාරයට බවත්, ඉදිරියේදී යළි ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රතිචාර මීට වඩා දරුණු වනු ඇතැයි ද ඊශ්‍රායලය අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ඉල්හාම්, කුසස්තාන් නගරවල පිහිටි හමුදා කඳවුරු 20ක් ඉලක්ක කරමින් පසුගිය සෙනසුරාදා එම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් ඉරාන හමුදා සෙබළුන් සිව්දෙනකුට ජීවිත අහිමි වූ බව වාර්තා වේ.

ඉරාන ප්‍රහාරයට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සහ ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට්ගේ අනුමැතිය ලැබී ඇත්තේ පසුගිය සිකුරාදා පස්වරුවේ එරට පැවති කැබිනට් රැස්වීමකදී බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඒ අනුව සෙනසුරාදා අලුයම ටෙහෙරාන් අගනුවරට පළමු ප්‍රහාරයත්, ඊට පැය තුනකට පසු ටෙහෙරාන්, ඉල්හාම් සහ කුසස්තාන් නගරවලට දෙවැනි ප්‍රහාරයත් එල්ල කර ඇත.

ප්‍රහාරයට පෙර ඊශ්‍රායලයෙන් ඉරානයට අනතුරු ඇඟවීමක් සිදු කර ඇතැයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළද, ඉරානය එවැනි අනතුරු ඇඟවීමක් ගැන සඳහන් කර නැත.

ඉරානයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට අමෙරිකාවේ කිසිදු සම්බන්ධයක් නැති බව ධවල මන්දිරය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති අතර, එවැනි ප්‍රහාරයක් සිදුවිය හැකි බවට ජනාධිපති ජෝ බයිඩ්න්ට තොරතුරු ලැබී තිබුණු බවත් සදහන් කර තිබේ.

ඊශ්‍රායලයෙන් එල්ලවූ ප්‍රහාර රැසක් ගුවන් ආරක්ෂක පද්ධතියෙන් විනාශ කළ බව ඉරාන රජයේ මාධ්‍ය ප්‍රකාශ කර ඇති අතර, ප්‍රහාරයට සහභාගි වූ සියලු ගුවන් යානා නිරුපද්‍රිතව යළි පැමිණි බව ඊශ්‍රායලය තහවුරු කලේය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ ඇම­තිවරයා ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයට සහ ලෙබනනයට සහාය දැක්වීම ඊශ්‍රායල ප්‍රහාරයෙන් නැවැත්විය නොහැකි බවය.

Featured Middle East World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඇමරිකානු ප්‍රවෘත්ති ශ්‍රේණිගත කිරීම්වල ලොව වඩාත්ම ආර්ථික වශයෙන් ස්ථාවර රට ලෙස එමීර් රාජ්‍ය ශ්‍රේණිගත වේ
Next Article අප්‍රිකානු සූකර උණ ලංකාවටත් – ඌරු මස් අනුභවය අවදානම්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.