ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ෂෙයික් නයිම් කාසිම් තෝරා පත්කර ඇත.

ඔහු හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කර ඇති අතර, පසුගිය වසර 30කට වැඩි කාලයක් හිස්බුල්ලා ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ චරිතයක් බව සඳහන් ය.

ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ඔක්තෝබර් 8 වෙනිදා හෙළි නොකළ ස්ථානයක සිට දේශනයක් පවත්වා ඇතැයි වාර්තා වේ.

විනාඩි 30ක කාලයක් පුරා සිදුවූ මෙම දේශනය රූපවාහිය ඔස්සේ විකාශය කර ඇති බව සඳහන් ය.
හිස්බුල්ලා සහ ඊශ්‍රායලය අතර ගැටුම මුලින්ම ප්‍රතිචාර දක්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ යුද්ධයක් බවත් හිස්බුල්ලා පළමුව ප්‍රතිචාර නොදක්වන බවත් එහිදී ඔහු සඳහන් කර තිබේ.

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස ෂෙයික් නයිම් කාසෙම් මෙලෙස පත්වී ඇත්තේ මහලේකම් ලෙස කටයුතු කළ සෙයිද් හසන් නස්රල්ලා ඝාතනය කර දින 11කට පසුවය.

Share.

Comments are closed.

Exit mobile version