ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL ) සඳහා චෙන්නායි සුපර් කිංග්ස් (CSK ) කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතය.

ක්‍රීඩක වෙන්දේසියට ඔහු ඉදිරිපත් නොකර CSK කණ්ඩායමේම රඳවා ගැනීමට එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කර ඇත. මේ අනුව මතීෂට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 45.2කට සමාන මුදලක් (ඩොලර් මිලියන 1.56) හිමි වන බව සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version