Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළ දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

May 20, 2025

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පොලිස් රාජකාරි වීඩියෝ කිරීමට බාධාවක් නෑ –  වැඩබලන පොලිස්පති කියයි
Sri Lankan news

පොලිස් රාජකාරි වීඩියෝ කිරීමට බාධාවක් නෑ –  වැඩබලන පොලිස්පති කියයි

kumudikaBy kumudikaNovember 1, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පොලිස් නිලධාරින්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නැති බව අවධාරණය කරමින් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ඉහළ සියලු තරාතිරමේ නිලධාරින් දැනුම්වත් කිරීමේ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පෙරේදා (30) නිකුත් කර ඇත.

පොලිස් නිලධාරියකු සිදු කරන විනය විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවන් මහජනතාව විසින් වීඩියෝගත කිරීම මඟින් එම පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියා කිරීමට හැකියාව ලැබෙන අතර, එවැනි විනය විරෝධී සදාචාර විරෝධී ක්‍රියාකාරකම් නිවැරදි කර ගැනීමට ද එය අවස්ථාවක් වනු ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

එබැවින් පොලිස් නිලධාරින්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් මහජනතාව විසින් වීඩියෝගත කිරීම වැළැක්වීමට පියවර නොගත යුතු බව සෑම පොලිස් නිලධාරියකුම දැනුවත් කරන ලෙස ද පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.

පොලිස් නිලධාරින් විසින් සිදු කරන රාජකාරි මෙන්ම නිලධාරින්ගේ ක්‍රියාකාරකම්ද මහජනතාව විසින් වීඩියෝගත කරන අවස්ථා වර්තමානයේ බහුලව නිරීක්ෂණය වන බව ද එම නියෝගයේ වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

මෙලෙස වීඩියෝගත කරන අවස්ථාවලදී ඇතැම් පොලිස් නිලධාරින් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම්, වීඩියෝගත කරන දුරකතන ආදිය පොලිස් භාරයට ගැනීම් සහ ඇතැම් අවස්ථාවලදී එලෙස වීඩියෝගත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් පවා සිදු කර ඇති බවට වාර්තා වන බව ද වැඩබලන පොලිස්පතිවරයා එහි සඳහන් කර තිබේ.

යම් වරදක් වීඩියෝගත කරන ලද අවස්ථාවකදී එම සංස්කරණය නොකළ වීඩියෝ රෙකෝඩරය (ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩරය) සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතෙහි 4 වන වගන්තියට ඇතුළත්ව ඇති අතර, එම නෛතික ප්‍රතිපාදන අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශ්වය මෙන්ම විත්ති පාර්ශ්වය විසින් ද ප්‍රයෝජනයට ගත හැකි බව වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

මේ දේවල් මෙසේ වූවත් පොලිස් නිලධාරින්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමෙන් අනතුරුව එම වීඩියෝපට සංස්කරණය කර ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජනතාව වෙත වෛරී හැඟීම් ඇතිවන ආකාරයෙන් එම සංස්කරණය කරන ලද වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහැරීමක් සිදු වුවහොත් එවැනි තැනැත්තන් විෂයෙහි නෛතික පියවර ගැනීමට මෙම උපදෙස් බාධාවක් නොවන බව ද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅවියානා අනුග්‍රහයෙන් Sri Lanka Trade Fair හෙට සහ අනිද්දා ඩුබායි හිදී
Next Article “Abu Dhabi’s Family Fair” Umm Al Emarat උද්‍යානයේ දී
kumudika

Related Posts

උතුරු නැගෙනහිර ආරක්ෂක වැඩපිළිවෙළ දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි

May 20, 2025

Ceylon Tea ප්‍රවර්ධනයට රජය සමඟ යුනිලිවර් එක් වෙයි

May 20, 2025

පැල්වත්ත සීනි කම්හල අමාරුවේ වැටේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.