පකිස්තානයේ ලාහෝර් නගරයේ පෙර නොවූ විරූ වායු දූෂණයක් හේතුවෙන් සියලුම ප්‍රාථමික පාසල් සතියකට වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.
වායු දූෂණය අවම කර ගැනීමේ අරමුණෙන් අද සිට කාර්යාල සේවකයින්ගෙන් 50% ක් නිවසේ සිට වැඩ කරනු ඇත. එන්ජිමෙන් ක්‍රියාත්මක වන රික්ෂෝ රථ සහ නිසි වායු විමෝචනයක් නැති බාබකියු වෙළෙන්දන් ද තහනම් කිරීමට පකිස්තාන බලධාරීන් පියවර ගෙන තිබේ.
ලාහෝරය පුරා පැතිර ඇති දුමාරය දරුවන්ට ඉතා හානිකර නිසා පාසල්වල මුහුණු ආවරණ අනිවාර්ය කර ඇති බවත් සඳහන් වේ.
පාකිස්තානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් ඊයේ දිනයේදී දෙවන වරටත් දූෂිත වාතය සහිත නගර ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් විය.
IQAir හි දත්ත වලට අනුව, එහි වායු තත්ත්ව දර්ශකය සෙනසුරාදා 1,000 ඉක්මවා තිබූ බව සඳහන් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, එහි අගය ඒකක 300 ක් ලෙස සටහන් වීම භයානක තත්ත්වයක් බවය.
සෞඛ්‍යයට වඩාත්ම හානිදායක වාතයේ ඇති සියුම් අංශු ද්‍රව්‍ය මට්ටම ද අනතුරුදායක මට්ටම් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස පාකිස්තාන වායු තත්ත්වය පහළට ඇද දමන සාධකය ඉන්දීය දේශසීමාව හරහා පිදුරු සහ බෝග අපද්‍රව්‍ය පුළුස්සා දැමීමේ පුරුද්ද බව ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරින් චෝදනා කරති.