Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගැනේ
Sri Lankan news

ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගැනේ

kumudikaBy kumudikaNovember 9, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත නුවරඑළිය, හක්ගල දැඩි ස්වාභාවික රක්ෂිත භූමියෙන් මෙම නව ශාක විශේෂය හඳුනාගැනීමට එම පර්යේෂණ කණ්ඩායමට හැකියාව ලැබී ඇති අතර, උද්භිද විද්‍යාත්මකව එම ශාකය කෝලියාස් හක්ගලෙන්සිස් අබේසේකර, කසුනිකා, හලුවන සහ නිලන්ක (Coleus Hakgalensis Abeysekara, Kasunika, Haluwana & Nilanka) යනුවෙන් නම් කිරීමට පියවර ගෙන ඇත.

2013 වසරේ සිට ක්‍රියාත්මක වන ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ ජාතික ශාකාගාර කාර්ය මණ්ඩලය විසින්ම විස්තර කරන ලද ශාක විශේෂයක් ලෙස මෙය ඉතිහාසයට එක් වේ.

ඒ අනුව 2024 වසරේ දුෂ්කර මාර්ග ඔස්සේ උන්නතාංශ මීටර් 1900ත් 2100ත් අතර සිදුකරන ලද පර්යේෂණ වලදී මෙම නව ශාක විශේෂය සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායමට හැකිව තිබේ.

මින්චි (Lamiaceae) ශාක කුලයට අයත් නව කෝලියාස් (Coleus) ශාක විශේෂයක් ලෙස මෙම නව ශාක විශේෂය හඳුනාගැනීමට පර්යේෂණයේ නියැළුණු සුමේධා අබේසේකර, ඕවිටිමුල්ලගේ කසුනිකා, නිශාන්ති හළුවන සහ නඳුන් නිලංක යන පර්යේෂණ කණ්ඩායම සමත්ව තිබේ.

2024 වසරේ පෙබරවාරි මස ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරය විසින් ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හක්ගල ප්‍රදේශයේ උද්භිද විද්‍යාත්මක ගවේෂණයකදී මෙම නව සොයාගැනීම සිදු කිරීමට තමන්ට හැකියාව ලැබී ඇති බවත්, ජාතික ශාකාගාරයට වසර 200 ක් සම්පූර්ණ වන 2024 වසරේ මෙය අනාවරණය කර ගැනීමට හැකි වීම සුවිශේෂී සිදු වීමක් බවත් පර්යේෂණ කණ්ඩායම පවසයි.

මෙම නව සොයාගැනීම සම්බන්ධයෙන් ශාක වර්ගීකරණය විද්‍යාව පිළිබඳව ප්‍රධානතම අන්තර්ජාතික සඟරාවක් වන PHYTOTAXA සඟරාව විසින් ඉකුත් ඔක්තෝබර් මස 30 වැනිදා විද්‍යාත්මකව ප්‍රකාශනයට පත් කොට ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය ඉහලට
Next Article කොළඹ කොටස් වෙළඳපොල ඉහල යයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.