Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම් අතර පලමු තරඟය අද
Sports

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම් අතර පලමු තරඟය අද

kumudikaBy kumudikaNovember 9, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් විස්සයි විස්ස පළමු තරගය අද රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී රාත්‍රි 7.00ට පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරන අතර නවසීලන්ත කණ්ඩායමේ නායකයා වන්නේ මිචෙන් සැන්ටනර්ය.

නවසීලන්ත කණ්ඩායම සමග ශ්‍රී ලංකාව මෙරටදී 20-20 තරගයකදී මුණගැසෙන්නේ වසර 5කට පසුවයි. ඒ 2019 වසරේදී මෙරටදී පැවැති තරගාවලිය 2 -1 ලෙස නවසීලන්තය ජයග්‍රහණය කළ පසුබිමකය.

නවසීලන්තය සමග පැවැති 20-20 තරගාවලි හතරම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී ඇති අතර 2013 වසරේ සිට ශ්‍රී ලංකාව තරගාවලි ජයක් නොලැබීය. මෙවර වසර 11කට පසුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා අද ක්‍රීඩා පිටියට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරග 33ක් පවත්වා ඇති අතර ඉන් නවසීලන්තය තරග 13ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග 9ක් ජයගෙන ඇත.

කෙසේ වෙතත් නවසීලන්තය අද තරගයට පිවිසෙන්නේ ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස සහ ටෙස්ට් තරග මාලාවකින් පසුවය.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය: චරිත් අසලංක (නායක). පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජේෆ්රි වැන්ඩර්සේ, චමිදු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකොළඹ කොටස් වෙළඳපොල ඉහල යයි
Next Article Damac විසින්  එමීර් රාජ්‍යයට නව ගුවන් සේවයක් හදුන්වා දෙයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.