සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) සමත් වූහ.
තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ලකුණු 96කදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූහ.
පන්දුවාර 19යි පන්දු 3කදී සියලුදෙනා දැවී නවසීලන්තයට රැස්කර ගත හැකිවූයේ ලකුණු 135ක් පමණයි.
මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 27ක් රැස්කළ අතර සැක් ෆෝක්ස් නොදැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 27 කි.
පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 20ට කඩුලු 3ක් දවාගත් අතර නුවන් තුෂාර, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියේය.
ලකුණු 136ක ජයග්රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 140ක් රැස් කරමින් සිය ජයග්‍රහණය වාර්තා කළහ.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35ක් රැස්කරනු ලැබීය.
තරග දෙකකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීය.