Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Visa»E8 වීසා ගැන විදේශ සේවා කාර්යංශයෙන් දැනුම් දීමක්
Visa

E8 වීසා ගැන විදේශ සේවා කාර්යංශයෙන් දැනුම් දීමක්

kumudikaBy kumudikaNovember 13, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රශ්නගත දකුණු කොරියානු E8 කාණ්ඩයේ රැකියා සඳහා බඳවාගැනීම් හා පිටත්කිරීමේ ක්‍රමවේදය ඉතාම සූක්ෂමව අධ්‍යනය කරමින්, එය නීත්‍යානූකූල කිරීමේ හැකියාව පිලිබඳ සොයා බලන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පසුගිය කාලයේදී ඊට අදාලව අත්සන් කර ඇති ගිවිසුම නීත්‍යානූකූල නොවන බවත්, ඒ සම්බන්ධව නිකුත්කර තිබු චක්‍රලේඛ යලි අවලංගුකර තිබෙන බවත් ඔහු සඳහන් කලේය.

E8 වීසා සහිත රැකියා අයත්වෙන්නේ සෘතුමය රැකියා (Seasonal Jobs) කාණ්ඩයට වන අතර, මාස 5ක පමණ කාලයකට කොරියාවේ කෘෂි හා ධීවර අංශයේ රැකියා කිරීමට ඉන් අවස්ථාව ලබාදී තිබේ. මෙම රැකියා සම්බන්ධව පසුගිය කාලයේදී අත්සන් කර ඇති ගිවිසුම රාජතාන්ත්‍රික නොවන බැවින් එය කොරියානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මස 03වෙනි දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයෙකුගේ අත්සනින් නිකුත් කරන ලද චක්‍රලේඛය සැප්තැම්බර් මස 23 වෙනි දින යලි අවලංගු කර තිබේ.

ඒ අනුව මේ වන විට මෙම රැකියා සඳහා කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති අතර, පසුගිය දිනවල විවිධ පාර්ශව සිදුකරන ලද චෝදනා සත්‍යයෙන් තොර බවද සභාපතිවරයා ප්‍රකාශ කරයි. අදාල පාර්ශව විසින් කාර්යාංශයට චෝදනා කර ඇත්තේ වර්තමානයේදී මෙම රැකියා අවස්ථා අහිමි කර ඇති බවය. එවැනි කිසිදු දෙයක් සිදුවී නොමැති බවත්, ගිවිසුම බලාත්මක නොවු බවත්, රැකියා අවස්ථා නීත්‍යානූකූල නොවූ බවත් කෝශල වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

මේ අතර මෙම රැකියා සඳහා යම් යම් රැකියා එජන්සි ආයතන මුදල් ලබාගැනීම හා ගමන් බලපත්‍ර එකතුකිරීම සිදුකරන බවට වාර්තා වී ඇති අතර, එය නීතිවිරෝධි බවද ඔහු කියා සිටියි. එවැනි පුද්ගලයන්ට හෝ ආයතනවලට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වැලකී සිටින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ හා මරණ සහතික දැන් තානාපති කාර්යාල මගින්
Next Article කොළඹ කොටස් වෙළඳ පොල ඉහලම අගයක් වාර්තා කරයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.