ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබලවේගය ලක්ෂ 70 ඉක්මවා ඡන්ද ලබාගෙන තිබේ.
එය මැතිවරණයකදී තනි පක්ෂයක් විසින් මෙතෙක් ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාවයි. එමෙන්ම තුනෙන් දෙකේ බලය ද එම පක්ෂය විසින් ලබා ගෙන ඇත.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තවදුරටත් නිකුත් වෙමින් තිබේ.
ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය පිහිටු වීම ඉතා පහසුවෙන්ම සිදු කිරීමට හැකි වී ඇත. මේ දක්වා නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගය ආසන 123ක් දිනාගැනීමට සමත් වී ඇත.
ඡන්ද 6,842,223 ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය ඉදිරියෙන්ම සිටියි.
සමගි ජන බලවේගය මෙතෙක් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1,966,875කි.
ඒ අනුව එම පක්ෂය ආසන 31ක් දිනාගෙන තිබේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ඡන්ද 493,359ක් ලබාගෙන ඇති අතර දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව 03කි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,287ක් ලබාගෙන ඇති අතර ඔවුන්ට හිමිව ඇති ආසන සංඛ්‍යාව 02ක් වේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි ආසන 06ක් දිනාගෙන ඇත්තේ ඡන්ද 252,548ක් හිමිකරගනිමිනි.
මේ අතර සර්වජන ඡන්ද බලය පක්ෂය ඡන්ද 177,954ක් ලබාගෙන ඇති අතර ඔවුන්ට මෙතෙක් කිසිඳු ආසනයක් හිමිව නැත.
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයටද කිසිදු ආසනයක් හිමිව නැති අතර ඔවුන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 83,488 කි.
සෙසු පක්ෂ ආසන 06 ක් දිනාගෙන තිබෙන්නේ ඡන්ද 917,989ක් හිමිකරගනිමිනි.