අමෙ­රි­කාවේ පැවැ­ත්වෙන 6 වැනි ලෝක කුස­ලාන කැරම් තර­ගා­ව­ලි­යේදී පිරිමි සහ කාන්තා යුගල ඉසව්වල ලෝකඩ පද­ක්කම් දිනා ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­යම් සමත් විය.

සත්කා­රක අමෙ­රි­කානු පිල සමඟ පැවති පිරිමි යුගල තෙවැනි ස්ථානය සඳහා තර­ග­යේදී ශ්‍රී ලංකා කණ්ඩා­යම් නායක සහීඩ් හිල්මි සහ අනාස් අහ­මඩ් වට 2-0ක පහසු ජයක් හිමි කර ගැනී­මට සමත් විය. එහි ලකුණු තත්ත්වය 25/4ක් සහ 25/0ක් ලෙස සටහන් විය.

කාන්තා යුගල තෙවැනි ස්ථානය සඳහා පැවති තර­ගයේ­දිත් ශ්‍රී ලංකා පිලේ ප්‍රති­වා­දීන් ලෙස අමෙ­රි­කා­නු­වන් එක්ව සිටි අතර, එහිදී තරුෂි හිම­හ­න්සිකා සහ හිරුෂි මල්ෂානි වට 2-1ක ජයක් අත්කර ගත්හ. එහිදී 23/12ක් ලෙස ශ්‍රී ලංකාව පළමු වටය ජය­ගත් අතර, දෙවැනි වටයේ ජය අමෙ­රි­කාව සතු වූයේ 25/4ක් ලෙසිනි. කෙසේ වෙතත් තෙවැනි වටය 11/10ක් ලෙස ජය ගනි­මින් ලෝකඩ පද­ක්කම දිනා ගැනී­මට ශ්‍රී ලාංකික ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

මේ අතර තර­ගා­ව­ලියේ කණ්ඩා­යම් ඉස­ව්වල අවසන් මහා තරග සඳහා සුදු­සු­කම් ලබා­ගැ­නී­මට ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩා­යම් සමත් වූ අතර, ඔවුන් ඊයේ ඉන්දි­යා­වට එරෙ­හිව අව­සන් තර­ග­ව­ලට එක්වී­මට නිය­මි­තව තිබිණි. අව­සන් වරට පැවති ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකාව පිරිමි ශූර­තාව දිනා­ගත් අතර, කාන්තා කණ්ඩා­ය­මට අනු­ශූ­ර­තාව හිමිව තිබිණි.

Share.

Comments are closed.

Exit mobile version