සෙනසුරාදා (නොවැම්බර් 16) ඩුබායි හි සබීල් උද්‍යානයේ දී මහා දීපවාලි උත්සවය පැවැත් වීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය මාධ්‍ය කාර්යාලයේ සහ ඩුබායි පොලිසියේ සහාය ඇතිව එමිරේට්ස් ලව්ස් ඉන්ඩියා විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය ඉන්දියානු සංස්කෘතිය සැමරූ ඉසව්වකි.

පෙරවරු 11 සිට රාත්‍රී 11 දක්වා පැවැත් වූ මෙම සැමරුම සඳහා අති විශාල ජනතාවක් ආකර්ශනය විය. සංස්කෘතික සංදර්ශන, සජීවී සංගීතය සහ  එමීර් රාජ්‍යයේ දක්ෂතා දක්වන ඉන්දියානුවන්ට විශේෂ උපහාරයක් ද මෙහිදී පිරිනැමිණි.

මෙම උත්සවය ඉන්දියාවේ පොහොසත් උරුමය සමරන සංස්කෘතික සංදර්ශන සමඟ බාද්ෂා, ජොනීටා ගාන්ධි සහ Avial වැනි කලාකරුවන්ගේ සජීවී සංදර්ශන මීට ඇතුළත් විය.

ප්‍රධාන හින්දු උත්සවයක් වන දීවාලි, අඳුර මත ආලෝකයේ ජයග්‍රහණය සහ නපුරට එරෙහිව යහපත්කම සංකේතවත් කරයි.

Share.

Comments are closed.

Exit mobile version