Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු කවුළුවක්
Sri Lankan news

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු කවුළුවක්

kumudikaBy kumudikaNovember 19, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පවසයි.

ඇය පවසන්නේ අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම කවුළුව ක්‍රියාත්මක බවය.

එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු ලිපි ලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

ඒ පිළිබඳව පැහැදිලි කරන පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය,

“එදිනට මේ මන්ත්‍රීවරුන්ට පැමිණ හෝ ඔන්ලයින් ක්‍රමයට තොරතුරු අපට ලබාදී රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඇඟිලි සලකුණු සටහන් කරගැනීමටත් අපි කටයුතු කරනවා. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට අධික පිරිසක් නවක මන්ත්‍රීවරු.

මේ අයට පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටිය, හැසිරීම, ආචාර්යශීලිත්වය හා ඇඳුම්පැළඳුමේ ඉඳන් කටයුතු කළ යුතු ආකාරය හා පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු කළ යුතු ආකාරය හා කාරක සභාවල ස්වරූපය හා විවාද රීති ඔවුන් විසින් අනුගමන කරන ක්‍රමවේදය ඇතුළු සියලු දේ ගැන ඔවුන්ව දැනුවත් කිරීමට අපි විසින් තෙදින වැඩමුළුවක් සංවිධානය කරලා තියෙනවා නොවැම්බර් මස 25, 26 සහ 27 යන දිනවලදී.”

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපලමු කැබිනට් රැස්වීම අද
Next Article ජාතික ලැයිස්තුවෙන් රවී කරුණානායකටත් පාර්ලිමේන්තු වරම්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.