ශ්‍රී ලංකාව ලබා ගත් මෙම ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් බවත් ලක් රජය සිදුකරන සෑම දේටම ඇමරිකාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවත් ඇමරිකානු තානාපතිනිය ජූලි චන්ග් ඊයේ (21) විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවී ප්‍රතිඥා දුන්නාය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අවසානයේ දී සම්ප්‍රදායිකව පාර්ලිමේන්තුව විසින් සූදානම් කළ තේ පැන් සංග්‍රහය පැවැත්වුන අවස්ථාවේ දී 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවරයට එක්වීමේ ආරාධනා ලද ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලී චන්ග් විදේශ ඇමති විජිත හේරත් හමුවී මෙම පොරොන්දුව ලබා දී තිබේ.
“අපිට හරිම සතුටුයි. මම කථා කළා අද. මම අපේ ආයෝජකයින් කිව්වා ශ්‍රී ලංකාවට එන්න… ඇවිත් ආයෝජනය කරන්න… දැන් තියෙන්නේ අලුත් ආණ්ඩුවක් කියලා.” ඇය පැවසුවාය.