ශ්‍රී ලාංකේය දේශීය සංස්කෘතික උරුමය විදහා දක්වමින් නිර්මාණය කෙරුනු විලාසිතා සම්මිශ්රිත නර්තන උළෙල ඩුබායි හි පලමු වරට පැවැත්වීමට නියමිතය. හෙට දිනයේ (නොවැම්බර් 24 දා) මිලේනියම් ප්ලාසා හෝටලයේදී පැවැත්වීමට සූදානම් වන මෙම කලා උළෙල සංවිධානය කරනුයේ මෝස්තර නිර්මාණ ශිල්පි හිරාන් විජේසේකර සමඟින් D.M. ධනුෂ් යන දෙපලය. ඔවුන් දෙදෙනා දක්ෂ නර්තන ශිල්පියෝ වෙති.
මෙම කලා මංගල්‍යය සඳහා විශේෂ ආරාධිතයින් ලෙස නර්තානාචාර්ය චන්න විජේවර්ධන , තීක්ෂණී කාරියවසම් සහභාගී වීමට නියමිතය. මේ සඳහාම විශේෂයෙන් නිර්මාණය වූ ගීත, නර්තනාංග සේම ඇඳුම් විලාසිතාද අන්තර්ගත වේ. ලක්මිණි උඩවත්ත ඇතුළු ගායන තරු කීපයක් හෙට ගීතවත් වීමට සූදානම් ය. සංගීතය, නර්තනය සමඟ විලාසිතාව යන කලාංග ත්‍රිත්වයේ සංකලනයක් වන මෙම උළෙල ප්‍රේක්ෂකයින්ට නව ප්‍රාසාංගික අත්දැකීමක් එක් කරන බව නොඅනුමානය.
ටිකට්පත් වෙන් කරවා ගැනීම සඳහා අදම අමතන්න – 050- 5602095