වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමද්දි වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පෙන්වා දෙයි.

වැව්නිමා පුරවරය නොහොත් වව්නියාවේ කුඩා වැව්, මධ්‍ය පරිමාණයේ වැව් සහ මහවැව් 600 කට ආසන්න ඇති අතර මේ වන විට සියලුම වැව් වාන් දැමීම ආරම්භ වී ඇත.

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රාමයන්කුලම් වැව, අරවිතොට්ටම්හි පිහිටි නාගරයාන්කුලම් වැව සහ ඕමන්ත මඩත්තුවිලාන්කුලම් වැව අධික වර්ෂාවන් හේතුවෙන් කැඩී ගොස් ඇති අතර කැඩී ගිය වැව් බැම්ම යුද හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව තාවකාලිකව පිලිසකර කිරීමටද පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් කුඩා වැව් වලට අමතරව මහ වැව්ද වාන් මට්ටමට පැමිණ ඇති බැවින් වාන් ජලය නිසාවෙන්  පහත්බිම් වල සිටින ජනතාවට ගංවතුර තත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් අවධානයෙන් සිටින ලෙසටද වව්නියාව ආපදා කලමනාකරන නිලධාරී කාර්යාලය විසින් ජනතාවට දැනුම් දී ඇත.

Share.

Comments are closed.

Exit mobile version