Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉහල පොලිස් පුටු රැසක් මාරුවෙයි
Sri Lankan news

ඉහල පොලිස් පුටු රැසක් මාරුවෙයි

kumudikaBy kumudikaDecember 4, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් සිවුදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 35 දෙනකුට පොලිස් අධිකාරිවරු 07 දෙනකුට සහ සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනකුට ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මෙම ස්ථාන මාරුවීම් ලැබ සිටින නිලධාරීන් අතර පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම් රැසකටම මුල්වූ ස්ථානයක් වන කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරය දරමින් සිටි සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා ද සිටියි. ඒ මහතා ස්ථාන මාරු කර ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහාය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස පත් කර සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාය.

මේ හැරුණු කොට බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි ජනක කුමාර මහතා එම තනතුරින් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා තිබේ. ඒ වෙනුවට එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස අම්පාර කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි පොලිස් අධිකාරී ජේ.එච්.එම්.එන්. ජයපත්ම මහතා පත්කර ඇත. මෙම ස්ථාන මාරුවීම් ඔස්සේ මෙතෙක් පොලිස් කොට්ඨාස භාර පොලිස් ප්‍රධානීන් සහ විවිධ අංශ භාර අධ්‍යක්ෂ ධුරවල නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනකුට කිසිදු වගකීමක් නොලැබ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා තිබීම විශේෂත්වයකි.

ස්ථාන මාරුවීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරු පස් දෙනා අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර කුමාර මහතා ද සිටින අතර ඔහු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයටත් පොලිස් ශිෂ්‍යභට භාර නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතා කෑගල්ල දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසත් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා කුරුණෑගල දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙසත් කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා ශිෂ්‍යභට භාර ප්‍රධානියා ලෙසත් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති යූ.එන්.පී. ලියනගේ මහතා කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර ඇත

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාසල් සිසුවෙක් රූබික් කැට 1200 කින් ජනපති රුව නිමවා ලෝක වාර්තාවක් තබයි
Next Article පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමට සුදානම්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.