මෙම උත්සව සමයේ වාර්තාගත මගීන් සංඛ්‍යාවක් ඩුබායි එමිරේට්ස් ගුවන් සේවය සමඟ පියාසර කිරීමට සූදානම් වේ.
උත්සව මාසය පුරාවටම පිටත්වීම් සංඛ්‍යාව පසුගිය වසරට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගන්නා බැවින් මෙම දෙසැම්බරයේ පාරිභෝගිකයන්ට සිය සංචාර ප්‍රවේශමෙන් සැලසුම් කරන ලෙස එමිරේට්ස් නිර්දේශ කරයි.
පසුගිය වසරේ, එමිරේට්ස් පාරිභෝගිකයින් 75,000 කට වැඩි පිරිසක් දිනපතා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වූ නමුත් 2024 දී මෙම සංඛ්‍යාව සමහර දිනවල 89,000 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 20% ක පමණ වැඩිවීමක් නියෝජනය කරන බව සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එමිරේට්ස් පාරිභෝගික පිටත්වීම් සඳහා කාර්යබහුලම දින නත්තලට පෙර දෙසැම්බර් 12 -15, දෙසැම්බර් 20 – 22 ලෙස නියම කර ඇති අතර, අලුත් අවුරුදු උදාවට පෙර දෙසැම්බර් 27, 28, 29 දිනකට පාරිභෝගික පිටත්වීම් 88,000 කට වඩා දැකීමට සැලසුම් කර ඇත.