ඉන්දීය තරුණයෙකු ‘ලොව ළාබාලතම චෙස් ශූරයා’ ලෙස ජය ලබා ඇත.
ඔහු නමින්, ගුකේෂ් දොමරජු (Gukesh Dommaraju)
18 හැවිරිදි ගුකේෂ් ඊයේ (12) සිංගප්පූරුවේ පැවති ලෝක ශූරතා චෙස් තරගාවලියේ අවසන් මහා තරගයේදී මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණේ, වත්මන් ශූර චීනයේ ඩිං ලිරන් (Ding Liren) අභිබවා යමිනි.
ඒ අනුව ඩිං ලිරන්ව 7.5 – 6.5 ක් ලෙස පරාජය කළ ගුකේෂ් දොමරජු, 18 වැනි ලෝක චෙස් ශූරයා ලෙස ඉතිහාසගත වේ. එමෙන්ම ඔහු විශ්වනාදන් ආනන්ද්ගෙන් පසු ඉන්දියාවෙන් වාර්තා වුණු දෙවන ලෝක ශූරයා ද වීම සුවිශේෂීය.
විදෙස් වාර්තාවන්ට අනුව ගුකේෂ් දොමරජු හමුවේ පරාජයට පත්වූ චීනයේ ඩිං ලිරන්, මෙතෙක් ලෝකයේ පස්වන ස්ථානයේ සිටි චෙස් ශූරයා යි. චීනයේ ඔහුට හිමි වන්නේ දෙවන ස්ථානය බව සඳහන් වේ.
තරග 14 කින් සමන්විත ලෝක ශූරතා තරගාවලිය පසුගිය දෙසතිය තුළ ලොව පුරා චෙස් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබුණි.
චෙස් හා සම්බන්ධ පවුල් පසුබිමකින් පැවත නොඑන ගුකේෂ් දොමරජු ඉන්දියාවේ චෙස් අගනුවර ලෙස හැඳින්වෙන චෙන්නායි නගරය නියෝජනය කරන ක්‍රීඩකයෙකි.
ඔහුගේ පියා ශල්‍ය වෛද්‍යවරයකු වන අතර මව වෛද්‍යවරියක සහ මහාචාර්යවරියක වන බව සඳහන්ය.
කුඩා කළ පටන්ම ඔහු චෙස් ක්‍රීඩාවට ලැදිව දස්කම් දක්වා ඇති අයෙක් බව වාර්තා වේ. ඔහු ලද ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, සිය චෙස් ගමන ආරම්භ වූයේ වයස අවුරුදු හය හමාරේදී බවයි.
එමෙන්ම මෙම ජයග්‍රාගී මොහොත වසර 10 කට වැඩි කලක් තිස්සේ තමන් දුටු සිහිනයක් බව ඔහු සඳහන් කර තිබුණි.
“මගේ ගමන, පටන් ගත්තේ වයස අවුරුදු හය හමාරේ පටන්.
මම අවුරුදු 10 කට වැඩි කාලයක් මේ මොහොත ගැන සිහින දැක්කා.
සෑම චෙස් ක්‍රීඩකයෙකුට ම මේ මොහොත අත්විඳීමට හීනයක් තියෙනවා.
නමුත් ඉතා සුළු පිරිසකටයි අවස්ථාව ලැබෙන්නෙ.
ඔවුන්ගෙන් කෙනෙක් වීමට ලැබීම හීනයක්.
මම මුලින්ම දෙවියන්ට ස්තුති කරන්න කැමතියි.
සුදුසුකම් ලැබීමේ සිට (සුදුසුකම් ලැබීමේ තරඟාවලියට) මෙම සම්පූර්ණ ගමන…. එය කළ හැක්කේ දෙවියන් වහන්සේට පමණි.
ඒ වගේම මේ ගමනේදී මගේ පැත්තේ හිටපු සියලු දෙනාට ම මම ස්තුතිවන්ත වෙනවා…”
ඉන්දියාව ඉහළින් ඔසවා තබමින් ගුකේෂ් දොමරජු ලද මෙම ජයග්‍රහණයට සුබපැතූවන් අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද විය.
ඔහු X හි සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, මෙම ජයග්‍රහණය වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ සහ නොසැලෙන අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් වන බවයි.