ගරු කතානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ලිඛිතව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දන්වා යවා ඇත.
ගරු කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ ඇති වූ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් ඔහු ඊයේ (13) දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
මාධ්‍ය වෙත ලිපියක් නිකුත් කරමින් අශෝක රන්වල සඳහන් කළේ සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ ගැටලුවක් මතුව තිබුණත් තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් කථානායකවරයා ලෙස තමා ප්‍රකාශ කර නොමැති බවය.

පසුගිය මස 21 වැනිදා කතානායක ධුරයේ දිවුරුම් දුන් ඔහු ඊයේ ඉල්ලා අස්වීමට තීරණය කරන විට ධුරයේ කටයුතු කර තිබුණේ දින 22ක් පමණි.
ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසයේ කෙටිම කාලයක් කතානායක ධුරයේ කටයුතු කතානායකවරයා වශයෙන් මෙන්ම කෙටිම කාලයකින් ඉල්ලා අස්වූ කතානායකවරයා ලෙසද අශෝක රන්වල මහතා ඉතිහාස ගතවනු ඇත.
