Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පාර්ලිමේන්තු කටයුතු වල සංශෝධනයක්
Sri Lankan news

පාර්ලිමේන්තු කටයුතු වල සංශෝධනයක්

kumudikaBy kumudikaDecember 17, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දෙසැම්බර් 17 සහ 18ට දෙදිනට අදාළව පෙර තීරණය කළ පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

ඒ, ඊයේ (16) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව අද (17) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පළමුව අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිතය. ඉන් අනතුරුව නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවන බව මහලේකම්වරිය කියා සිටියාය.

දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 සිට පෙරවරු 9.45 දක්වා නව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව/ දිවුරුම ලබා දීම සඳහා කාලය වෙන්කර තිබේ.
සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරයන් තිදෙනෙකු සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රීවරයෙකු මෙසේ දිවුරුම් දීමට නියමිතය.

ඉන්අනතුරුව නව කථානායකවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව යොමු වනු ඇත.
ඉන්පසු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා මන්ත්‍රීවරයන්ට අවස්ථාව සැලසෙන බවයි, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

අනතුරුව පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා විවාදයට ගෙන එම විවාදය 2024.12.18 වැනි දිනට ද පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ අනුව පෙර තීරණය කළ පරිදි 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව මෙදින විවාදයට ගැනීම සිදු නොවනු ඇත.

අනතුරුව පස්වරු 3.00 සිට පස්වරු 6.30 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

නව කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට කාලය වෙන් කිරීම හේතුවෙන් විවාද කාලය මෙසේ පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

දෙසැම්බර් 18 වැනි දා බදාදා පෙරවරු 9.30ට රැස්වන පාර්ලිමේන්තුවේ පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කලේය.

අනතුරුව පෙර දින කල්තබන ලද, පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධ විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි.

මේ අනුව පෙර තීරණය කර තිබූ අතිවිශේෂ ගැසට් පත්‍රවල සඳහන් නියෝග හා රෙගුලාසිවලට අදාළ විෂයයන් ඉදිරි දිනකදී විවාදයට ගැනීමට එකඟත්වය පළ වී ඇති බව සඳහන් වේ.

ඉන් අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න දෙකක් සඳහා කාලය වෙන් කර තිබේ.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනාමල් රාජපක්ෂගේ නීති උපාධිය ගැන සොයා බලන්නැයි FCID වෙත පැමිණිල්ලක්
Next Article නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න
kumudika

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.