බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දු යැවීම තහනම් කර තිබේ.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.
එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගයක් අතරතුර පන්දු යැවීම සැක සහිත යැයි පෙනී යෑම නිසා ලෝබරෝ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකට ලක්කෙරුණු අතර එම පරීක්ෂණයෙන් ෂකීබ් අල් හසන් අසමත් වී ඇත.
ඒ අනුව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය ෂකීබ්ට පන්දු යැවීම තහනම් කෙරිණි. ICC හි රෙගුලාසිවල 11.3 වගන්තියට අනුව නීතිවිරොධී පන්දු යැවීමේ ක්රියාවන්හිදී ජාතික සම්මේලනයත් ක්රීඩකයකුට දේශීය තරගාවලි පන්දු යැවීම අත්හිටුවනවිට එම තහනම ICC විසින් ස්වයංක්‍රීයව පිළිගෙන ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා ද එය බලපැවැත්වෙනු ඇත. ඒ අනුව ෂකීබ්ට දේශීය, ජාත්‍යන්තර සහ සියලුම ඉහළ පෙළේ ක්‍රිකට් තරගවලදී පන්දු යැවීම තහනම් කර ඇත.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටින්නෙ පිළිගත් පරීක්ෂණ මධ්‍යස්ථානයක සිදුකරන පරීක්ෂණයට මුහුණ දීමෙන් ෂකීබ් තම තහනම ඉවත් කරගැනීමට කටයුතු කරනු ඇති බවය.