ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත් වූ විශේෂ මහ සභා රැස්වීමේදී (EGM) ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයක් සිදුකිරීමට අනුමැතිය හිමි විය.
ඒ අනුව ඔවුන්ගේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීම සඳහා අනුමැතිය ලැබී ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඡන්ද අයිතිය තීරණය කෙරෙන්නේ එක් එක් ක්‍රිකට් සමාජය ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය අනුව බවය.
ඒ අනුව එම ක්‍රිකට් සමාජයකට හෝ සංගමයකට එක් ඡන්දය බැගින් හිමි වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය සඳහා විශ්‍රාමික විනිසුරු කේ. ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ අතර එම කමිටුව විසින් සකස්කළ ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට 2024 ජූනි මාසයේදී භාරදී තිබුණි.
ඡන්ද අයිතිය හිමිවිය යුතු ක්‍රිකට් සමාජ සම්බන්ධයෙන් ද එහි නිර්දේශ ඇතුළත්ව ඇති බව සඳහන් වෙයි. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමනාකරණය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදී එහි සාමාජිකයින් එකඟ වී තිබේ.