නාසා අභ්‍යාවකාශ යානයක් හිරු අසළටම යාමට උත්සහ කරමින් සිටින බව වාර්තා වේ. මෙම යානය Parker Solar Probe නමින් හඳුන්වයි. 2018 වසරේ අභ්‍යාවකාශය බලා ගමන් ආරම්භ කළ මෙම යානය දැනටමත් හිරු වටා වාර 21 ක් ගමන් කර ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් අභ්‍යාවකාශ ඉතිහාසයේ මෙම හිරු ගමන වඩා විශේෂ වන්නේ මෙම යානය, හිරු ට කිලෝමීටර් මිලියන 6.2 ක් දක්වාම ආසන්නයට යන බැවිනි. පෘථිවිය සහ හිරු අතර කිලෝමීටර මිලියන 93ක දුරක් තිබේ. ඒ අනුව පෘථිවිය සහ හිරු අතර දුර මීටර එකක් යැයි උපකල්පනය කළහොත් මෙම අභ්‍යාවකාශ යානය, එහි සෙන්ටිමීටර 4.5 ක් දක්වාම ආසන්නයට යනු ඇත.
හිරු සමීපයට යන හෙයින් දෙසැම්බර් 27 දක්වාම යානය සමග සන්නිවේදනය ඇණහිටින බව නාසා ආයතනය පවසයි. ඒ හිරු ගේ අධික උණුසුම සහ විකිරණශීලීතාවය හේතු කරගෙනය.
මෙම තත්ත්වයෙන් මිදී,යානය නැවත පැමිණෙන විට එය ආරක්ෂිත දැයි නිශ්චිතව දැනගත හැකි වේ කෙසේ වෙතත් යානය පණිවිඩයක් නිකුත් කරන තෙක් පරීක්ෂණ කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටින බව මෙම හිරු ගමනේ ප්‍රධානියා පවසා ඇත.