දෝහා සිට පැරිසිය දක්වා ගමන් කරමින් තිබූ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක ගමන් ගත් ශ්රී ලාංකික කාන්තාවක් මරණයට පත්වී ඇත.
ඇයට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත යානය තුළම මියගොස් ඇති බව වාර්තා වේ.
ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් මත ගුවන් යානය ඉරාකයේ ගුවන්තොටුපළකට හදිසි ගොඩ බෑමක් සිදු කර ඇතත් එවන විටත් ඇය මරණයට පත්ව තිබිණ.
81 හැවිරිදි මෙම කාන්තාව ප්රංශයේ පදිංචිකාරියකි.