Al Majaz Waterfront, Al Heera Beach සහ Khorfakkan Beach යන ප්‍රධාන ස්ථාන තුන හරහා විශ්මයජනක මල්වෙඩි සංදර්ශන සහ විනෝදාස්වාදයන් සමඟින් සාජා 2025 අලුත් අවුරුදු උදාව සඳහා සියලු කටයුතු සූදානම් කරයි.

සාජා ආයෝජන සහ සංවර්ධන අධිකාරිය (Shurooq) විසින් මෙම ඉසව් සංවිධානය කරන බව වාර්තා වේ. දෙසැම්බර් 31 වන දින රාත්‍රී 8.00 ට උත්සවය ආරම්භ වන අතර එය විවිධ විනෝද ක්‍රියාකාරකම් සහ මල්වෙඩි සංදර්ශන වලින් අනූන වේ. Al Majaz Waterfront විනාඩි පහක තාක්‍ෂණික සංදර්ශනයකින් රාත්‍රිය ආලෝකමත් කරනු ඇති අතර, Al Heera Beach සහ Khorfakkan Beach විනාඩි දහයක සංදර්ශනයකින් ප්‍රේක්ෂකයින් විස්මයට පත් කිරීමට සමත් වනු ඇත.

අල් මජාස් වෝටර් ෆ්‍රන්ට් හි, සජීවී සැක්සෝෆෝන් සහ වයලීන ප්‍රසංගද පැවැත් වේ. එය පුළුල් පරාසයක F&B අලෙවිසැල් වලින් අනුපූරක වේ. Khorfakkan Beach ලේසර් සංදර්ශන පවත්වයි.

Al Noor Island සුඛෝපභෝගී “Magical new years Eve by the bay” පවත්වනු ඇත.

Share.

Comments are closed.

Exit mobile version