Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»චීන මූල්‍යාධාර සහිත නිවාස 1996  ව්‍යාපෘතිය ඇරඹේ
Sri Lankan news

චීන මූල්‍යාධාර සහිත නිවාස 1996  ව්‍යාපෘතිය ඇරඹේ

kumudikaBy kumudikaDecember 28, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කිසිදු ‌භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.

අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ සමාරම්භය වෙනුවෙන් මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ ඊයේ(27) පැවති උත්සවයට ‍එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය.

චීන මුල්‍යාධාර යටතේ නිවාස 1996ක් ඉදිකිරීමට යෝජිත අතර මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ ඉදිවන ව්‍යාපෘතිය මගින් අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 575ක් සහ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය මගින් නිවාස 108ක් ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙන් ලබා දීමට ද නියමිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,

“අපි ස්තූතිවන්ත ‌වෙනවා චීන රජයට මෙම නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව. නිවසක් කියන්නේ පවුලකට, පුද්ගලයෙක්ට රැකවරණය දෙන තැනක් වගේම පුරවැසියන් හැටියට ලැබිය යුතු හොඳ ජීවිතයකට, ගුණාත්මක ජීවිතයකට, ආරක්ෂාව වෙනුවෙන් තිබිය යුතු තැනක්. නිවසක් විතරක් නෙවෙයි. ශක්තිමත් පවුලක්, ප්‍රජාවක් ගොඩනැගීමටත් රජයට අවශ්‍යයි. විශේෂයෙන්ම කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ අවශ්‍යතාවයට ලැබෙන අවකාශය ඉතා වැදගත්.

නගරාසන්නව ඉන්න අඩු ආදායම්ලාභීන් ඉතාමත්ම දුෂ්කර ජීවිතයක් ගත කරනවා. ඒ වගේම සමහරු නිවසක් නැති නිසා ඉතාමත්ම අනාරක්ෂිත ජීවිත ගත කරනවා. මේ සියලු දෙනාටම ජාති, ආගම්, ස්ත්‍රී, පුරුෂ සමාජභාවය ආදියේ කිසිම වෙනසක් නැතුව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කරන්න පුළුවන් වටපිටාවක් ලබා දෙන එක රජයේ අරමුණක්. ඒ සඳහා චීන ආණ්ඩුවෙන් අපිට මේ ලැබෙන මුල්‍ය ආධාරය වගේම ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව සිය ස්තුතිය පිරිනමන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi ZhenHong, චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක ටැන්ග් යාන් ඩි, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, චීන රජයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන්
Next Article ශ්‍රී ලංකා, නවසීලන්ත විස්සයි 20 තරඟ ආරම්භය අද
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.