2025 වර්ෂයේදී රජයේ නිවාඩු සතියේ දිනවලට යෙදීමත් සමඟ පාසල් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව පැමිණීමේ දින ගණන 181ක් දක්වා අඩු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඊයේ (29) පැවසීය. පසුගිය වර්ෂයේ දී එම දින ගණන 210ක් වූ බවත් ඇතැම් වර්ෂවලදී එම දින ගණනේ සුළු වෙනස්වීමක් සිදු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
2025 වර්ෂය සඳහා වන රජයේ නිවාඩු දින 26න් සති අන්තයේ නිවාඩු හතරක් පමණක් යෙදී ඇති අතර, අනෙක් සියල්ල සතියේ දිනවලට යෙදී තිබේ.
එළැඹෙන වසරේ මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර පළමු වාරය මැද එම විභාගය යෙදෙන බවත් ලබන වර්ෂයට අදාළව ජනවාරි 27 වැනිදා පළමු වාරය ආරම්භ කරන බවත් ඒ මහතා කීය.