රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) වැඩිදුර විමර්ශන කටයුතු කරමින් සිටින බව සඳහන්ය.
CERT සඳහන් කරන ආකාරයට, මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට බාහිර පාර්ශවයක් අනවසරයෙන් පිවිස එහි දත්ත වෙනස් කර ඇති බවට නිරීක්ෂණය වී තිබේ.