Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පාස්පෝට් ගැටළුව යළිත් මතු වෙයි
Sri Lankan news

පාස්පෝට් ගැටළුව යළිත් මතු වෙයි

kumudikaBy kumudikaJanuary 6, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා දී නොමැති බැවින් විදේශ ගමන් බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවැතුණහොත් ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක් එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පෙනී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම්පත් රාශියක් ඉදිරි සති කීපයේදී ගලා ඒමට නියමිත බවත් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටීම සඳහා විදේශ ගමන් බලපත්‍ර අංකය සැපයීම අනිවාර්ය කරුණක් බවත් තොරතුරු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

රට රැකියාවලට යෑමට බලාපොරොත්තුවන්නන් හේතුවෙන් ඉදිරි සති කීපයේදී විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් 30,000 ක් පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

එසේම විදේශ රැකියා නියෝජිතයන් ද රට රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට කරදරයකින් තොරව විදේශ ගමන් බලපත්‍ර ලැබෙන බව සහතික කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත්වන ලෙස ඉල්ලා ඇති බව ද සඳහන් වේ.

දිගින් දිගටම රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ලැබෙන ඉල්ලීම් සපුරාලීමට අපොහොසත් වුවහොත් මෙරටට ලැබෙන විදේශ රැකියා අවස්ථා අනෙක් රටවල ශ්‍රම වෙළඳපොළ වෙත යොමුවීමේ අවදානමක් තිබෙන බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අදාළ නිලධාරීන් සමග මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇතත් එහිදී මෙම ගැටලුවට නිශ්චිත විසඳුමක් ලැබී නොමැති බව ද පැවැසෙයි.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බාර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ දැරුවත් ඔහුගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබිණි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා තහවුරු කර සිටියේ පසුගියදා පැවැති රැස්වීමේදී විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ ගැටලුව මතුකළ බවයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleWhatsApp අලුත් වෙයි
Next Article සරසවි ආචාර්යවරු හිඟයක් – අයදුම්පත් කැඳවූවත් නොපැමිණේ
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.