Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ලෝක ටෙස්ට් ශූරතාවලියේ සිව්වැනි අදියර යටතේ ශ්‍රී ලංකාවට තරඟ 12 ක්
Sports

ලෝක ටෙස්ට් ශූරතාවලියේ සිව්වැනි අදියර යටතේ ශ්‍රී ලංකාවට තරඟ 12 ක්

kumudikaBy kumudikaJanuary 8, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ලෝක ටෙස්ට් ශූරතාවලියේ සිව්වැනි අදියර මේ වසරේ ජුනි මස ආරම්භ වීමට නියමිතය.

මේ වන විට පැවැත්වෙන 2023-25 තෙවැනි අදියරේ අවසන් තරගය එළැඹෙන ජුනි මස 11 වැනිදා ලෝඩ්ස් පිටියේදී ආරම්භ වන අතර, දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව මේ වන විට එහි ස්ථාන වෙන් කර ගෙන තිබේ.

ඉන් අනතුරුව 2025-27 සිව්වැනි අදියර ආරම්භ වන අතර, ජුනි 20 එංගලන්තය සහ ඉන්දියාව තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් අරඹන අතර ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියත්, ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියත් ජුනි මස ආරම්භ වීමට නියමිතය. එම තරගාවලි ද්විත්වයේ කාලසටහන් මේ වන තෙක් නිකුත්වී නැත.

මේ යටතේ ශ්‍රී ලංකාව තරගාවලි 6ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඊට ඇතුළත් තරග සංඛ්‍යාව 12කි. මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශය ද තරග 12ක් ක්‍රීඩා කරන අතර, වැඩිම තරග සංඛ්‍යාවක් ලැබී ඇති ඔස්ට්‍රේලියාව තරග 22ක් ක්‍රීඩා කිරීමට නියමිතය. එංගලන්තය තරග 21ක්, ඉන්දියාව තරග 18ක්, නවසීලන්තය තරග 16ක්, දකුණු අප්‍රිකාව සහ කොදෙව් තරග 14ක් බැගින් ක්‍රීඩා කරන අතර, පාකිස්තානයට තරග 13ක් ලැබී තිබේ. මේ ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව මෙරටදී තරගාවලි 3ක් සහ විදෙස් රටවලදී තරගාවලි 3ක් ක්‍රීඩා කිරීමට නියමිතය. ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය මෙරට සංචාරය කරන අතර, ශ්‍රී ලංකා පිල නවසීලන්තය, කොදෙව් සහ පාකිස්තානයේදී සෙසු තරගාවලි ක්‍රීඩා කරනු ඇත. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය මේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව සමඟ තරග නොකරයි.

කෙසේ වෙතත් වසර 3ක් පුරා යන මේ ශූරතාවලියේදී මේ වසරේ ශ්‍රී ලංකාවට හිමිව ඇති තරග සංඛ්‍යාව 2කි. ඒ බංග්ලාදේශයට එරෙහි තරග දෙක පමණි. ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය x ගිණුමේ සටහනක් තබමන් පවසා ඇත්තේ මේ වසරේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඇති ටෙස්ට් තරග සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බවයි. ශ්‍රී ලංකා පිල ලබන මස ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණ ද එම තරග අයත් වන්නේ 2023-25 අදියරටයි.

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2024 තුන්වැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක්
Next Article 2025 වන විට Al Mamzar Beach ප්‍රතිසංවර්ධන කිරීමට Dh මිලියන 400ක්
kumudika

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.