සුභාවිත සංගීතයේ ලාංකේය සළකුණු තැබූ විශිෂ්ට ගායන පෞරුෂයන් දෙපළක් වන විශාරද සුනිල් එදිරිසිංහ සහ විශාරද අමරසිරි පීරිස් සමඟ සාරංග දිසාසේකර, ඉරෝමි සූරියසේන සහ පවන් මල්ලවාරච්චි ගී ගායනයෙන් එක් වෙන “මියැසි අරුමැසි” live in Concert ඩුබායි හි වෙසෙන ලාංකේය කලාකාමී රසවතුන් වෙනුවෙන් නුදුරේදීම පැවැත්වීමට නියමිතය. 2025 ජනවාරි 25 වන සෙනසුරාදා රාත්‍රි 7.00 සිට පැවැත් වෙන මෙම ප්‍රසංගය ජෝර්ජ් හෙට්ටිආරච්චි ප්‍රමුඛ GG Events සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි.

ඩුබායි හි Indian High School, ශෙයික් රෂීඩ් ශ්‍රවණාගාරයේදී මෙම ප්‍රසංගය පැවැත්වීමට නියමිතය. ප්‍රසංගය සඳහා සංගීතය සැපයීමෙන් එක්වන්නේ නාලක සජී සමග Grade සංගීත කණ්ඩායමයි. අචලා රංගායතනය සහ මෙශාන් දිසානායක නර්තන ඇකඩමිය ප්‍රසංගය නර්තනයෙන් හැඩගන්වති. 
උසස් ගීත රසවින්ඳනයකට ප්‍රිය කරන ඩුබායි හි වෙසෙන ලාංකිකයන් මෙය මගනොහැර නැරඹිය යුතු ප්‍රසංගයකි. පවුලේ සියළු දෙනාට එකසේ රසවිඳිය හැකි මියුරු ගී පෙළගැස්මකින් සමන්විත මෙම ප්‍රසංගය මඟනොහැර ඔබත් රසවිඳින්න පැමිණෙන්න.

ප්‍රවේශ පත් ඩිරාම් 75 , 125, 150, 175 යන මිළ ගණන් යටතේ ලබා ගත හැකිය. VIP ප්‍රවේශ පත් ඩිරාම් 300 ක් වේ.
වැඩිදුර විමසීම් සඳහා
දිමන්ත – 055 – 2977640
ජෝජ් – ( whatsapp )- 0772914796
ශ්‍රීනාත් – 050 – 7593486
තාරක – 050 – 4403541

ප්‍රවේශ පත් වෙන් කරවා ගැනීම සහ අනෙකුත් තොරතුරු පහත සබැඳියෙන් ලබා ගන්න.

Share.

Comments are closed.

Exit mobile version