Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»H.M.P.V වෛරසය ශ්වසන පද්ධතියේ ඉහල ආසාදනයට බලපාන වෛරසයක් – මහාචාර්ය ජීවන්දර කියයි
Sri Lankan news

H.M.P.V වෛරසය ශ්වසන පද්ධතියේ ඉහල ආසාදනයට බලපාන වෛරසයක් – මහාචාර්ය ජීවන්දර කියයි

kumudikaBy kumudikaJanuary 10, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වයස අවුරුදු දෙකට අඩු දරුවන්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවතින්නන් සහ වැඩිහිටියන් සහ පිළිකා රෝගීන් ‘එච්. එම්. පී. වී. (හියුමන් මෙටා නියුමෝනියා) වෛරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිවේදී සහ සෛල ජෛව විද්‍යා් අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

මෙම වෛරසය සාමාන්‍යයෙන් සතියක් තුළ පහව යන බවත්, මේ සඳහා නිශ්චිත ප්‍රති වෛරස් ප්‍රතිකාරයක් හෝ එන්නතක් දැනට නොමැති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

එච්. එම්. පී. වී. වෛරසය යනු ශ්වසන පද්ධතියේ ඉහළ ආසාදනයට තුඩුදෙන වෛරසයක් බවත්, බොහෝ ආසාදිතයන්ට කැස්ස, උණ සහ නාසයේ තදබදයක් ඇතිවීම මෙහි මූලික රෝග ලක්‍ෂණ බවත් ඔහු පැවසීය. සබන් යොදා දෑත් සේදීම, ශ්වසන වෛරස් ආසාදනවලින් වඩාත් දරුණු රෝගාබාධවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් තිබේ නම් හැකිතාක් මහජනයා අතර ගැවසීමෙන් වැළකී සිටීම මෙන්ම මුව ආවරණයක් පැලඳීම මෙම වෛරසයෙන් ආරක්‍ෂා වීමට ගතහැකි පියවර වේ.

එච්. එම්. පී. වී. වෛරසය කොවිඩ් – 19 මෙන් නොවන බවත්, මෙම වෛරසය දශක ගණනාවක් පැවතිය හැකි බවත්, මෙම වෛරසය සෑම දරුවකුගේම පස්වන උපන් දිනය වන විට ආසාදනයවීමේ හැකියාවක් පවතින බවත් මහාචාර්යවරයා අවධාරණය කළේය.

මෙම වෛරසය ආසාදිත වූවන් 2023 වසරේ සිට මෙරට සිටින බවට සොයාගෙන ඇති බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර ගත යුතු නැතැයි ද මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleVogue සඟරාව ශීත සෘතුවේ උණුසුම්ම සංචාරක ගමනාන්තය ලෙස ලංකාවේ දකුණු වෙරළ තීරය නම් කරයි
Next Article කොළඹ කොටස් වෙළඳපොළ තවදුරටත් ඉහළට
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.