ලොස්ඇන්ජලීස් ගිලගනිමින් පැතිරෙන ළැව්ගිනි නැවැත්වීම සඳහා කැනඩාව හා මෙක්සිකෝව ඇමෙරිකාවට ආධාර ලබාදීමට එකඟ වී තිබේ.
සෙනසුරාදා (11දා) ගින්න පැතිරීම වඩා ප්‍රබල වී ඇත.
මේ ගින්නට හසුවීම නිසා මේ වනවිට පුද්ගලයන් 16 දෙනකු මියගොස් තිබේ.
ගින්න පැතිරීමත් සමග මංකොල්ලකෑම් වැඩිවීම නිසා රාත්‍රි කාලයේ ඇඳිරිනීතිය පනවා ඇත. මංකොල්ලකෑම් සිදුකළ පුද්ගලයන් 22 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ ගින්න නිසා සිදුවූ පාඩුව ඩොලර් බිලියන 150 ඉක්මවා ඇත.