Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය
Sri Lankan news

ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය

kumudikaBy kumudikaJanuary 15, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමරා ජයකොඩි මහතා පවසයි.

ඒ සදහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කිරීමට නියමිතය. ඒ සදහාම ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිතව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යවරයා පැවසීය.

බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමරා ජයකොඩි මහතා ත්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි පරිශ්‍රය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් මේ බව කියා සිටියේය.

“බ්‍රිතාන්‍යය යුගයේ සෑදුවත් මේ ටැංකි ඉතා හොද තත්වයේ තිබෙනවා. අවශ්‍යය සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කරලා නල පද්ධතිය ඉදි කරලා නෞකාවලට තෙල් සපයන්නත් ගබඩා සංකීර්ණයක් හැටියට සංවර්ධනය කරලා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයත් එක්ක එකතුවෙලා සමගාමීව සිදුකරන වරාය සංවර්ධනයත් හරහා ඒ ප්‍රතිඵල රටට ලබාදෙන්න කටයුතු කරනවා“ යැයි බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමරා ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූ සිවිල් ගුවන්සේවා හා වරාය නියෝජ්‍ය අමාත්‍ය රුවන් ජනිත කොඩිතුවක්කු මහතා අදහස් පළකරමින් ලෝකයේ පස්වෙනි විශාලම ස්වභාවික වරාය හැටියට සැළකෙන ත්‍රිකුණාමල වරාය ජාතික ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස භාවිත කරන සැලැස්ම හදුනා ගැනීමට අමාත්‍යංශ දෙකම එක්ව කටයුතු කරන බව පැවසීය.

ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි පරිශ්‍රය අයත් වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, Trinco Petroleum Terminal Ltd ආයතනය හා ලංකා IOC ආයතන මෙහදි නිරික්ෂණයට ලක්වූ අතර මෙම නිරීක්ෂණ චාරිකාව සදහා ඉහත අමාත්‍යවරුන්ට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D.J.A.S. De S. රාජකරුණා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් (විශ්‍රාමික) සිරිමෙවන් රණසිංහ ඇතුළු ඉහළ නිළධාරින්ද එක්වූහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යය විසින් ලොව ප්‍රථම වටයේ පැය සූර්ය සහ බැටරි ගබඩා කිරීමේ ව්‍යාපෘතිය එළිදක්වයි
Next Article විකිපීඩියා උපන් දිනය අදයි
kumudika

Related Posts

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.